හරය
143, කිව් පාර, කොළඹ 02.
ඊමේල්: nssp.lk@gmail.com
වෙබ් අඩවිය: www.nssp.info
දුරකතන: 011 2 430621 ෆැක්ස්: 011 2 305963
______________________

විප්ලවය, ප්‍රතිවිප්ලවය හා විප්ලවය

---------------------------------
Haraya title
Haraya theme----------------------------
2015  මැයි කලාපය
-----------------------
NSSP Media Briefing
සමානුපාතික ඡන්ද ක්‍රමය තීන්දුයි!
මාධ්‍ය හමුව - 23.04.2013
ශ්‍රීලනිපය
ජනතාවාදය VS ෆැසිස්ට්වාදය

පසුගිය ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අසීරු දේශපාලන අර්බූදයකට හසුවී ඇති අයුරු දැන් අපට ඇස් පනාපිට පෙනෙන්නට පටන් ගෙන ඇත. එක පැත්තකින් එය සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේම අර්බූදයක් ලෙසටද පෙනෙන්ට පටන් ගෙන තිබේ.

ශ්‍රීලනිපයේ මතුවී ඇති අර්බූදයට තුඩු දුන් හේතු හා එම පක්ෂයේ ආර්ථීක හා දේශපාලන පරස්පරයන් ගැන යම් අදහසක් පල කිරීම මෙහි දී මාගේ අරමුණයි.

නවසිය පනස් දෙක වැනි ලෝක ආර්ථීක උත්පාත කාලයක බිහිවූ ශ්‍රීලනිපයේ සමාජ ආර්ථීක ප්‍රතිපත්ති එදා පැහැදිලිවම සුබසාධනවාදී මුහුණුවරක් ගනු ලැබූ අතර එයින් ප්‍රධාන අභියෝගය එල්ල වූයේ එවකට බලයේ සිටි කොම්ප්‍රදෝරු එජාප පාලනයේ ආර්ථීක ප්‍රතිපත්තීන්ටයි.

Ranjith Gamage

වැඩිදුර කියවන්න

-----------------------------
ශිෂ්‍ය ප්‍රශ්නය ?
උසස් අධ්‍යාපන තුල කෙරෙන ශිෂ්‍ය කප්පාදුව නවත්වනු!
භික්ෂු බඳවා ගැනීම් ඉහල දමනු!!

කැළනිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හා භික්ෂු ශිෂ්‍ය සංගමය මෙම සටන් පාඨ මුල් කරගෙන ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට මේ වන විට දින 35 ක් ගත වී ඇත. මෙම ඉල්ලීම් වලට විශ්ව විද්‍යාල බළධාරීන් මෙතෙක් අවධානය යොමු කර නැත.

උසස් පෙල විභාගය සඳහා පෙනී සිටින්නවුන් අතරින් ලක්ෂ එකහමාරකට ආසන්න පිරිසක් සරසවි වල සුදුසුකම් ලැබුවද බඳවා ගනු ලබන්නේ 25 දාහකට අඩු ප්‍රමාණයකි. සරසවි සුදුසුකම් ලැබූ නමුත් සරසව් වරම් අහිමි වන අනෙක් පිරිසට සිදුවන්නේ ධනපතියන්ගේ කම්හලක හෝ වෙනත් ආයතනයක අඩු වැටුපකට තම ජීවිතය උගස් කර දැමීමය.

Kamal
-----------------------------
විදෙස් පුවත්

Australia

සරණාගතයන් වධබන්ධනයට ලක් කිරීමේ ඔස්ටේ‍රලියානු ප්‍රතිපත්තිය

ජාත්‍යන්තර සරණාගත සම්මතය හා ඒ හා සමාන ජාත්‍යන්තර නීති පවතින්නේ ලෝකයේ වඩාත්ම පහසුවෙන් පීඩාවට පත් කළ හැකි, පහර කනු ලබන හා නොයෙක් අයුරු හිරිහැර වධබන්ධන වලට ලක්වන ජ තාව ආරක්ෂා කිරීම සඳහා ය.

යුධ කලාපවලින් හෝ තමන්ගේ ආණ්ඩු වලින් හා වෙනත් ජාතීන්ගේ කණ්ඩායම් වලින් තාඩන පීඩන වලට පත්ව ඒවායින් ගැලවී යලා යන්නවුන් පෙරකී සම්මතීන්ට අත්සන් තබා ඇති රටවල් මගින් ඔවුන් ජීවිත අවදානමට ලක්ව ඇතියවුන් බවට හඳුනාගනිමින් ආරක්ෂාව සැපයීමේ වගකීමෙන් බැෙඳන්නේ ය.

සරණාගතයන් ගැලවීම සොයා යන්නාවූ ගමන වැලැක්විය නොහැකි ලෙසම බියකරු ව්‍යාකූලත්වයන් ගෙන් සංයුක්ත වනවා හා සමානවම ඒ නිසාම දුෂ්කර තීන්දුවක්ද වන බව ජාත්‍යන්තර නීතිය මගින් හඳුනාගෙන තිබේ.



May Day 2015
-----------------------------------------------
19 සංශෝධනය
බාල්දුකල ජයග්‍රහණයක්!

කෑලි ඉරා කපා අණ්ඩ දමනු ලැබූ වැරහැලි තත්ත්වයක් ගෙන තිබුනද ඒ මට්ටමෙන් හෝ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඡන්ද 212 ක් ලබා පාර්ලිමේන්තුවේ සම්මත වීම ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි වුවත්, ඒ හා සමඟම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ තැනට ලඝු කරනු ලැබීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ ෆැසිස්ට් තාලයේ බලවේගවල ද ජයග්‍රහණයක් බව අමතක නොකළ යුතුයයි දේශපාළන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

"පැරණි තන්ත්‍රයේ හොර සිංහ කොඩි කාරයොත් තමන් දිනුව කියල තමයි හිතන්නේ. ඒ නිසා ඔවුන් සමඟ සටන තවම ඉවර නෑ. මේ අතීතයේ සොහොන් බිම්වලින් මතුව ආ බලවේග සමඟ සම්මුති පිට සම්මුති ගහල තමයි මේ ටිකත් කරගත්තේ. 19 විශේෂයෙන් සංශෝධනයෙන් ස්ථාපිත වූ කොමිෂන් සභා පත් කිරීමේ කටයුත්ත බාර ව්‍යවස්ථාදායක සභාවේ පාලනය මන්ත්‍රීවරුන්ගේ අතට අරන් තියෙනව. ඒ නිසා මේ කොමිෂන් සභාවල ගුනාත්මක භාවය ගැන සැකයක් ඇති වීම වලක්වන්න බෑ. ඒ විදියට යලි පක්ෂ දේශපාලනයට යට වූ සභා පත්වීම සිදුවන්නේ නම් ඒවායේ පරමාර්ථ වන යහ පාලනය තහවුරු කිරීම සැක සහිතයි......." යනුවෙන් ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ටෙරන්ස් පුරසිංහ හරයට ප්‍රකාශ කළේය.

-----------------------------------------------
Remembering comrade Sarath Fernando

සරත් ප්‍රනාන්දු සහෝදරයාගේ සැමරුමක් පසුගියදා කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්විනි. කෘෂිකර්මාන්තයට අදාල සෑම සියළු දෙයක් ම බහුජාතික සමාගම්වල ලාබය මුල් කර සකසනු ලැබ, කෘෂිකර්මය යනු ඒ යැයි පෙන්වමින් ගෙන යන දැවැන්ත මංකොල්ලයට එරෙහිව ඔහු තම ජීවිතයේ වසර හතලිහක් පමණ වෙන් කර තිබුණි.

එහි දී මේ විෂය අරඹයා ලොව පුරා විද්වතුන් විසින් ඉදිරිපත් කර ඇති අප්‍රමාණ නිරීක්ෂණයන් හෙතෙමේ ස්වකීය කර ගනිමින් තම ඥානය විශ්වීය කර ගත්තේ ය. එම ඥානය මත ලංකාවේ කෘෂිකර්මාන්තයේ ඉරණම හෙලිපෙහෙලි කිරීමේ අතිශයින් ප්‍රඥාවන්තයෙක් ද විය.

ඒ නයින් බලන කල ඔහු ඉතා වැදගත් ඥාන සම්භාරයක් මෙරට ප්‍රගතිශීලී ජනතාව වෙත ප්‍රදානය කළ පඬිවරයෙක් වූ බව ගැන විවාදයක් නැත.

නමුත් ඒ සියල්ල මධ්‍යයේ ඔහුගේ චින්තනය ප්‍රතිසංස්කරණවාදයේ සීමාවන් ඉක්මවා යෑමට සමත් නොවීය.

ඒ අරුතෙන් ගත් කළ පවතින මූලික නිෂ්පාදන සංවිධානයම ප්‍රතිසංවිධානයකට භාජනය කර මේ අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් රටේ කෘෂිකාර්මිකයාට ගොඩ ඒමට මගක් සෙවීමේ ප්‍රයත්නයක නිරත වන්නා වූ සේ පෙනී ගියේ ය.

මූල්‍ය ප්‍රාග්ධනයේ මෙහෙයුමෙන් නිදහස් සුළු නිෂ්පාදකයකු ඔහුගේ පරමාදර්ශය නැතිනම් සිහිනය විය.

ඔහු සම්බන්ධයෙන් එස්.ජී.පුංචිහේවා සහෝදරයා පැවැත්වූ දෙසුමේ සටහන අපි මේ සමඟ පල කරමු. පුංචිහේවා සහෝදරයා ද සරත් සහෝදරයාගේ චින්තනයේ සීමාවන් ඉක්මවා යෑමට වැර දරන්නේ දැයි නොපෙනේ.

නමුත් පවතින සමාජයේ ඉවක් බවක් නැති තෘෂ්ණා මෙහෙයුම පිළිබඳ ව හෙතෙමේ ඉදිරිපත් කරණ සිත් කම්පාකරවන හෙළිදරව්ව අයකුට තමන් වටහා ගැනීමට මහඟ= අවස්ථාවක් සලසා දෙන්නේ යයි සිතමු.


වැඩිදුර කියවන්න

ලිබරල්වාදයේ සීමා 
ඉක්මවා යන සැලැස්මක්
!

දැන් නම් මේ රට තුල වමට හොද කලක් ආවා කියල හුඟ දෙනෙක් කියන්න පටන් අරන්. ඒක නම් පොදුවේ මතුවුන තත්ත්වයක් කියල අපිත් පෙන්වල දුන්නා.

ෆැසිස්ට් තාලයේ පාලනය බිඳගෙන ආපු ජනතා බලවේගය දැන් එක තැන හිරවෙලා කියල පෙනෙන්නට පටන් අරන්. ඒ නිසා මේ ලිබරල් ධනපති බලයකට ප්‍රජාතන්ත්‍රවාදය හරිහැටි ඇති කරන්නට බෑ කියන කථාව යලිත් ඇත්ත වෙනව. එවැනි අවස්ථාවක වගකීම බාර ගනිමින් වමේ බලයක් මගින් ප්‍රශ්න විසඳීමට ඉදිරිපත් වීමක් තිබිය යුතුයි.Bahu

වැඩිදුර කියවන්න

-----------------------------
'වීරගැමුණු හා දුෂ්ඨ එළාර'

ජයන්ත චන්ද්‍රසිරි ඉදිරිපත් කරන එළාර මහරජ ගැමුණු ට එදිරිව මේ ඓයිතිහාසික චරිත දෙක හෙලිපෙහෙලි කර ගැනීම සඳහා එම සිනමාව පිලිබද මාගේ සමාජ විවරණය අවසන් කිරීමේ යෙදී සිටියදී ඥනසිරි සහෝදරයා බූන්දි නම් වෙබ් සයිට් එකේ පලකර තිබූ ලලීන්ද්‍ර සන්නස්ගම නැමැත්තා ලියූ සිනමා විවරණයක් මා වෙත එවා තිබුනේ ය.

මාගේ විවරණය සඳහා ඔහු දක්වා ඇති කරුණු කිහිපයක්ද ඇතුල් කිරිමට මම වහාම තීරණය කළේ ඒ මගින් මගේ අදහස් වඩා හොදින් ඉදිරිපත් කළ හැකියයි හැඟුණ හෙයිනි.

ලලීන්ද්‍රගේ විවරණය සිනමාවේ ආකෘතිය ගැන ප්‍රබල විවේචනයක් ඉදිරිපත් කරයි.

තොරතුරු ලෙස ගත් කළ ඒවා ගැන පොදුවේ එකඟවීමට හැකිය. නමුත් කලා කෘතියක් පිළිබඳව සමාජ විවරණයකදී වැදගත් වන්නේ ආකෘතියට වඩා හරය යි.
Ranath

වැඩිදුර කියවන්න

-----------------------------

උන් සහ මුන් අතර සිරවුණු මිනිසුන්

ගෞරවණීය සාමයත්, මානුෂික යුද්ධයත් යන සංකල්ප පැමිණීමට පෙර මා මෙන්ම බහුතර සිංහලයන්ගේත් බලාපොරොත්තුව වූයේ අහිංසක සාමයක්. දෙමළ සිංහල කොල්ලෝ කෙල්ලන්ගේ ජීවිත බේරෙන සාමයක්. එහෙම නැතිව දෙමලූන්ගේ ඇට මස් විසිරුණු මිනී පිට්ටනියක් දුප්පත් සිංහල කොල්ලන්ගෙ ලේ වලින් සෝදා යුධ ජයක් පිළිබද වූ බලාපොරොත්තුවක් ඔවුන් තුළ නොවීය.

කෝවලන්, වෙන්පුරාවේ, සියොතුනේ උතුරුන් සහ නිලම්ඹරේ සුදු පරවි රෑන් ගැන ගී පද බැදුනේ එවැනි සමාජ වාතාවරණයක් තුළය. නම මතකයට නොනැගෙන එක් ටෙලි නාට්‍යයක් ("උතුරු කුරු සටන" වෙන්න ඕනෙ) අවසන් ජවනිකාව වන්නේ එක පැත්තකින් රාජ්‍ය හමුදාවත්, අනික් පැත්තෙන් කොටි සාමජිකයින් විසිනුත් වට කෙරෙනු ලැබූ මිතුරන් දෙදෙනෙකුගේ (එකෙකු කොටියෙක් වන අතර අනෙකා ආර්මි කාරයෙකි) දර්ශනයකිනි. පළා යාමට අවස්ථාවන් සුන් වූ මේ මොහොතේ කොටියා සිය සයනයිඩ් කරල සපන අතර සිය මිතුරාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර තුරුලූ කරගන්නා ආර්මි කාරයාද අර සයනයිඩ් කරල සපයි.

Kushan

වැඩිදුර කියවන්න


NSSP
                    Home